عن عمر بن أبي سلمة قال: كنتُ غُلاما في حَجْرِ رسول الله صلى الله عليه وسلم ، وكانتْ يَدِي تَطِيشُ في الصَّحْفَة، فقالَ لِي رسول الله صلى الله عليه وسلم : «يا غُلامُ، سمِّ اَلله، وكُلْ بِيَمِينِك، وكُلْ ممَّا يَلِيكَ» فما زَالَتْ تِلك طِعْمَتِي بَعْدُ.
[صحيح] - [متفق عليه]
المزيــد ...
උමර් ඉබ්නු අබී සලමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ උකුලේ වැඩුණු කොල්ලෙකු වූයෙමි. මාගේ අත බන්දේසිය වටේ සැරිසරමින් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මට “දරුව! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උමර් ඉබ්නු සල්මා (රළියල්ලාහු අන්හුමා) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරිය වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමියගේ පුතණුවන් විය. ඔහු එතුමාගේ අධීක්ෂණය යටතේ වැඩුණු අයකු විය. මෙම හදීසයේ තමන්ගේ තත්ත්වය විස්තර කළේය. සැබැවින්ම ඔහු අහාර ගන්නා අතරවාරයේ කෑම අහුලා ගන්නට බන්දේසියේ තැන් තැන්වල තම අත් දෙක සැරිසරමින් තිබිණ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසයේ ආහාර ගැනීමේ විනයන් තුනක් ඔහුට ඉගැන්වූහ. ඒවායින් පළමුවැන්න: ආහාර ගන්නා ආරම්භයේම ‘බිස්මිල්ලාහ්’ -අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි- යැයි පැවසීම. දෙවැන්න: දකුණතින් ආහාර ගැනීම. තුන්වැන්න: තමන්ට අසළින් ඇති දෑ අනුභව කිරීම. තමන්ගේ සහෝදරයා අත තබන ස්ථානයෙන් ආහාර ගැනීම නපුරු පුරුද්දකි. ඇතැම් විද්වත්හු: ‘නමුත් වට්ටක්කා වම්බටු මස් වැනි විවිධ වර්ගයේ ආහාර එහි තිබෙන්නේ නම් හැර’ යැයි පවසති. එහිදී තමන්ගේ පැත්තෙහි ඇති වර්ගය අනුභව කරනවාත් සමගම තවත් වර්ගයන් වෙත තම අත ඉක්මවා ගෙන යෑම වරදක් වන්නේ නැත. එමෙන්ම මිනිසෙකු තනිව ආහාර ගන්නා විටත් වෙනත් පැත්තක ඇති දෑ අනුභව කිරීම වරදක් වන්නේ නැත. හේතුව එහිදී කිසිවකුට හානියක් සිදු නොවන බැවිණි.