عن ابن عمر رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال: «إذا أَكَلَ أحدُكم فَلْيَأْكُلْ بِيَمِينِه، وإذا شَرِب فَلْيَشْرَبْ بِيَمِينِه فإنَّ الشيطان يأكلُ بِشِمَالِه، ويَشْرَب بِشِمَالِه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විට, ඔහුගේ දකුණතින් අනුභව කරත්වා. ඔහුගේ දකුණතින් පානය කරත්වා. සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ වමතින් ආහාරය ගනියි. ඔහුගේ වමතින් පානය කරයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ දකුණතින් අනුභව කිරීමේ හා දකුණතින් පානය කිරීමේ නියෝගය ද වමතින් ආහාර පාන ගැනීමේ තහනම ද පැමිණ ඇත. එමෙන්ම ඒ සඳහා වූ හේතු සාධක ද දක්වා ඇත. එනම් සැබැවින්ම ෂෙයිතාන් ආහාරපාන ගනුයේ ඔහුගේ වමතිනි. සැබැවින්ම මෙම නියෝගය අනිවාර්යයක් වන බත් සැබැවින්ම වමතින් ආහාර පාන ගැනීම තහනම් කරන ලද්දක් බවත් මෙය පෙන්වා දෙයි. ඊට හේතුව එය ෂෙයිතාන්ගේ ක්රියාවකි. ඔහුගේ පුරුද්දකි. දුෂ්ඨ ජනයාගේ මාර්ගයෙන් වැළකී සිටීමට මුස්ලිම්වරයාහට නියෝග කරනු ලැබ ඇත. එය ෂෙයිතාන්ගෙන් දුරස් වනු පිණිසය. කවරෙකු යම් ප්රජාවකට සමානව කටයුතු කරන්නේ ද ඔහු ද ඔවුන්ගෙන් කෙනෙකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දකුණතින් ආහාර පාන ගැනීමේ අනිවාර්යයභාවය. සැබැවින්ම හදීසයේ සඳහන් ව ඇති විධානය අනිවාර්යයභාවය සඳහා වන්නකි.
  2. වමතින් ආහාර පාන ගැනීමේ තහනම.
  3. ෂෙයිතාන්ගේ ක්රියාවන්ට සමාන වන ක්රියාවන්ගෙන් වැළකී සිටිය යුතු බව මෙහිදී පෙන්වා දී ඇත.
  4. සැබැවින්ම ෂෙයිතාන්ට අත් දෙකක් ඇති අතර ඔහු ආහාර පාන ගන්නේය.
  5. දකුණතට ගරු කිරීම. සැබැවින්ම දකුණතින් අප ආහාර අනුභව කළ යුතු යැයි නියෝග කරනු ලැබ ඇත්තෙමු. සැබැවින්ම ආහාරය යනු ශරීරය වඩවන්නකි. ගෞරවණීය ක්රියාවන් දකුණු අතින් සිදු විය යුතුය.
  6. දේව ප්රතික්ෂේපකයින්ට සමානව කටයුතු කිරීමෙන් වැළකීම. සැබැවින්ම ෂෙයිතාන්ට සමානව කටයුතු කිරීමෙන් අප වළක්වනු ලැබ ඇත්තෙමු. ෂෙයිතාන් දේව ප්රතික්ෂේපයේ සිරසයි.
  7. තම ප්රජාවට සැඟව තිබූ මෙම කරුණ වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මග පෙන්වමින් ඔවුනට උපදෙස් ලබා දුන්හ.
අමතර