+ -

عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ جَارَهُ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 47]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"c2">“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ් හා තමන් නැවත හැරී යන, තම ක්‍රියාවට ප්‍රතිඵල පිරිනමන, අවසන් දිනය විශ්වාස කරන ගැත්තාට, මෙම කරුණු සිදු කිරීම සඳහා ඔහුගේ විශ්වාසය ඔහු ව පොළඹවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
පළමුවැන්න: යහපත් ප්‍රකාශ: එනම් සුබ්හානල්ලා යැයි තස්බීහ් පවසමින් අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි තහ්ලීල් පවසමින් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම සහ ජනයා අතර සමාදානය ඇති කිරීම යනාදිය තුළිනි.
දෙවැන්න: අසල්වැසියාට ගරු කිරීම: එනම් ඔහු සමග ත්‍යාග ශීලීව කටයුතු කිරීමෙන් හා ඔහුට හිංසා නොකිරීමෙනි.
තුන්වැන්න: ඔබව බලන්නට එන ආගන්තුකයාට සත්කාර කිරීම: එනම්, යහ වදනින් කතා කිරීම හා ආහාර සැපයිම හා වෙනත් ආගුන්තුක සත්කාර තුළිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الليتوانية الدرية الصربية الصومالية الكينياروندا الرومانية المجرية التشيكية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීම සෑම යහපත් ක්‍රියාවකටම පදනම වන අතර යහපත් ක්‍රියාවන් සඳහා එය පොලඹවයි.
  2. දිවෙන් සිදුවන අනතුරුවලින් ප්‍රවේසම් වීම.
  3. ඉස්ලාම් ආගම ආදරයේ හා ත්‍යාගශීලීත්වයේ ආගමකි.
  4. මෙම කරුණු ඊමානයේ කොටස් අතරින් එකක් වන අතර ප්‍රශංසනීය විනයානුකූල කරුණු අතරින් ද වේ.
  5. ඕනෑවට වඩා කතා කිරීම පිළිකුල් සහගත හෝ තහනම් දෙයට හේතු විය හැකි අතර ආරක්ෂාව පවතින්නේ හොඳ දේ හැර වෙනත් දෑ කතා නොකිරීම තුළය.
අමතර