عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ كَانَتْ لَهُ مَظْلَمَةٌ لِأَخِيهِ مِنْ عِرْضِهِ أَوْ شَيْءٍ فَلْيَتَحَلَّلْهُ مِنْهُ اليَوْمَ، قَبْلَ أَلا يَكُونَ دِينَارٌ وَلاَ دِرْهَمٌ، إِنْ كَانَ لَهُ عَمَلٌ صَالِحٌ أُخِذَ مِنْهُ بِقَدْرِ مَظْلَمَتِهِ، وَإِلَمْ تَكُنْ لَهُ حَسَنَاتٌ أُخِذَ مِنْ سَيِّئَاتِ صَاحِبِهِ فَحُمِلَ عَلَيْهِ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2449]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"තම සහෝදරයාට ඔහුගේ ගෞරවය සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපරාධයක් කළ තැනැත්තා, දිනාර් එකක් හෝ දිර්හම් එකක් නොමැති කාලයක් පැමිණීමට පෙර එදිනම ඔහුගෙන් ඉන් නිදහස් විය යුතුය. ඔහු සතුව යහපත් ක්‍රියාවක් තිබේ නම්, ඔහු කළ අපරාධයේ ප්‍රමාණයට ඔහුගෙන් ලබයි. ඔහු සතුව යහපත් කුසල් නොමැති නම්, තම සගයාගේ නරක ක්‍රියාවලින් සමහරක් ගෙන ඔහු මත පටවනු ලැබේ."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 2449]
තමන් විසින් තම සහෝදර මුස්ලිම්වරයාට ඔහුගේ මාන්‍යය, ධනය, ජීවිතය කෙළෙසන පරිදි යම් අපරාධයක් සිදු වූයේ නම්, තමන් කළ වරදට අපරාධයට ලක් වූ තැනත්තාට වන්දි වශයෙන් රන් දීනාරයක් හෝ රිදී දිර්හමයක් හෝ දීමෙන් ප්‍රයෝනජවත් නොවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර මෙලොව සිටිය දීම තමන් විසින් අපරාධයට ලක් වූ එම තැනැත්තාගෙන් සමාව ඉල්ලා නිදහස් විය යුතුයි. එදින සමප්‍රතිචාර දක්වනුයේ කුසලට අකුසලය. එනම් අපරාධයට ලක්වූ තැනැත්තා අපරාධකරුගෙන් තමන්ට සිදු අපරාධයේ තරමට කුසල් අත්පත් කර ගනු ඇත. අපරාධකරු සතුව යහපත් කුසල් නොමැති නම්, අපරාධයට ලක් වූ තැනැත්තාගේ අකුසල් ගෙන අපරාධයේ තරමට අපරාධකරු මත පටවනු ඇත.