عن جرير بن عبد الله رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ لَا يَرْحَمِ النَّاسَ لَا يَرْحَمْهُ اللهُ عَزَّ وَجَلَّ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2319]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වයි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2319]

විවරණය

කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කර සිටියි. උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව ලබන්නට ඇති මහඟු හේතුසාධකයක් වන්නේ ගැත්තා මැවීම්වලට කරුණාව දැක්වීමයි.

හදීසයේ හරය

  1. කරුණාව සෙසු මැවීම් සඳහා ද අපේක්ෂා කරනු ලබන්නකි. නමුත් මිනිසුන් ගැන මෙහි
  2. සඳහන් කරමින් ඔවුන්ගේ වැදගත් කම විශේෂයෙන් පවසා ඇත.
  3. අල්ලාහ් මහා කාරුණිකය. කරුණාවන්ත ඔහුගේ ගැත්තන්හට ආදරය කරයි. ප්‍රතිඵල පිහිටනුයේ අදාළ ක්‍රියා වර්ගයෙනි.
  4. මිනිසාට සෙත සැලසීම, ඔවුන්ට අත්වන හානිය වැළැක්වීම, ඔවුන් සමග යහපත් අයුරින් ගනුදෙනු කිරීම යනාදී කරුණු මිනිසාට කරුණාව දැක්වීම යන විෂයයට ඇතුළත් වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර