+ -

عن عائشة رضي الله عنها قالت: قال النبي صلى الله عليه وسلم:
«لَا تَسُبُّوا الْأَمْوَاتَ، فَإِنَّهُمْ قَدْ أَفْضَوْا إِلَى مَا قَدَّمُوا».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 1393]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී:
“මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 1393]

විවරණය

මිය ගිය ඇත්තන්ට දොස් නැගීම, ඔවුන්ගේ මාන්‍යය කෙළසෙන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කරයි. සැබැවින්ම එය දුෂ්චරිත අතරින්ය. ඔවුන් ඉදිරිපත් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්‍රියා වෙත ඔවුන් ළඟා වී ඇත. එමෙන්ම නගන දොස් ඔවුන් වෙත ළඟා වන්නේ ද නැත. සැබැවින්ම එමගින් වේදනා විඳිනුයේ ජීවතුන් අතර සිටින්නෝ වෙති.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية Oromo Kannada Azeri الأوزبكية الأوكرانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මියගිය ඇත්තන්හට දොස් නැගීම තහනම් කර ඇති බව මෙම හදීසය පෙන්වා දෙයි.
  2. ජීවත්ව සිටින අයගේ යහපත සැලකිල්ලට ගනිමින් සහ කලහකාරිත්වයෙන් හා වෛරයෙන් සමාජයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මළවුන්ට දොස් නැගීමෙන් වැළකී සිටීම.
  3. ඔවුන්ට බැණ වැදීම තහනම් කර තිබීමේ ප්‍රඥාව වනුයේ ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙත ඔවුන් ළඟා වී ඇති බැවින්, ඔවුනට දොස් නැගීම ප්‍රයෝජනවත් නොවන නිසාවෙනි. එහි ජීවත්ව සිටින ඔහුගේ ඥාතීන් වේදනා විඳිනු ඇත.
  4. යහපත නැති දෑ කතා කිරීම මිනිසාට යුතු නැත.
අමතර