ප්‍රවර්ගය: . . .
+ -
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صلى الله عليه وسلم أنه قال:

«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 153]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."

الملاحظة
احبكم
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 153]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම මෙම සමාජය තුළ යුදෙව් හෝ කිතුනු හෝ වෙනත් කිසිදු ප්‍රජාවකින් කිසිවෙකු හෝ තමන් ගැන ගැන සවන් දී, නබි තුමාණන්ගේ ඇරයුම ඔහු වෙත ළඟා වී, පසුව ඒ ගැන විශ්වාස නොකරම මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු වූ බවත් ඔහු එහි සදාතනිකව පසුවන බවත් පවසා සිටියහ.

الملاحظة
زمانی کوردی دانابەزی
النص المقترح Kurde

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ දූත පණිවිඩය ලොව සියලු දෙනා හට කෙරෙන පොදු ඇරයුමක් විය. එතුමාණන්ව අනුගමනය කිරීම අනිවාර්යවේ. එතුමාණන් ගෙන ආ පිළිවෙත සෙසු සියලු පිළිවෙත් සංශෝධනය කළේය.
  2. කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ප්‍රතික්ෂේප කළේ ද, එතුමාණන් හැර වෙනත් නබිවරුන් පිළිබඳව පවතින ඔහුගේ ස්ථීර විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන් සියලු දෙනා හටම අල්ලාහ්ගේ ආශිර්දය ලැබේවා!
  3. කවරෙකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන දැන ගන්නට නොලැබුණේ ද. ඉස්ලාමයේ ඇරයුම ඔහු වෙත ළඟා නොවූයේ ද එවැන්නන් හට නිදහසට කරුණ ඇත. එවැනි අයගේ විෂයය මතුලොවෙහි අල්ලාහ් වෙතම පවතී.
  4. මරණයට සුළු මොහොතකට පෙර වුව ද, ප්‍රාණය උගුරු දණ්ඩ දක්වා ළඟා නොවුණු තත්ත්වයේ දැඩි රෝගාබාධයකින් පෙළුණ ද ඉස්ලාමය ප්‍රයෝජනවත් වන බව සහතික කෙරේ.
  5. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ධර්මය නිවැරදි යැයි සහතික කිරීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. යුදෙව් හා කිතුනුවන් ද ඒ අතරින් වෙති.
  6. මෙම හදීසයේ යුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රජාවන්ටත් ඇඟවීමක් කරමිනි. ඊට හේතුව යුදෙව්වන් හා කිතුනුවන් ආගම් ලත් ජනයා වීමය. ඔවුන්ගේ කරුණම එසේ නම්, ආගම් නොලැබූ සෙසු ජනයාගේ තත්ත්වය ඊටත් වඩා බරපතලය. ඔවුන් සියලු දෙනාම එතුමාණන්ගේ පිළිවෙතට පිවිසිය යුතු අතර එතුමාණන්ට අවනත විය යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර