1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”

عَنْ جَابِرٍ رضي الله عنه قال: أَخْبَرَنِي عُمَرُ بْنُ الْخَطَّابِ:

أَنَّ رَجُلًا تَوَضَّأَ فَتَرَكَ مَوْضِعَ ظُفُرٍ عَلَى قَدَمِهِ فَأَبْصَرَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «ارْجِعْ فَأَحْسِنْ وُضُوءَكَ» فَرَجَعَ، ثُمَّ صَلَّى.

උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා තමන්ට දැනුම් දුන් බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”

صحيح بشواهده رواه مسلم صحيح مسلم - 243

විවරණය

වුළූ ධෝවනය කර අවසන් කළද, තම පාදයේ නියපොත්තක තරම් ඉඩක ජලය නො තැවරී අත් හැරී තිබිණු මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුටුහ. එවිට එතුමා එම අඩුපාඩු සහිත ස්ථානය පෙන්වා දී: "ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු. එය පූර්ණවත් කරනු. සෑම අවයවයකටම ජලයෙන් විය යුතු නියමය ඉටු කරනු" යැයි පැවසූහ. පසුව එම පුද්ගලයා නැවත ගොස් තම වුළූ ධෝවනය පූර්ණවත් කොට පසුව සලාතය ඉටු කළේය.

හදීසයේ හරය

  1. යහපත විධානය කිරීමටත්, නොදැනුවත් හා නොසැලකිලිමත් අයට මඟ පෙන්වීමටත් විශේෂයෙන් පිළිකුල් සහගත දෑ ඔහුගේ නැමදුම දූෂිත වන්නට පෙළගැසෙන විටෙක ඒ සඳහා මඟ පෙන්වීමටත් යුහුසුළු විය යුතුය.
  2. වුළූ ධෝවනයට අදාළ ශරීර අවයව ජලයෙන් ආවරණය වීම අනිවාර්යය වේ. කිසියම් අවයවයක් අත්හැරියේ නම් එය සුළු ප්‍රමාණයක් වුව ද ඒ සමග වුළූ ධෝවනය වලංගු වන්නේ නැත. දිගු කාලයක ප්‍රමාදයක් වූ විටෙක එය නැවත ඉටු කළ යුතුය.
  3. වුළූ ධෝවනය නිසි ලෙස ඉටු කිරීම ආගමානුගත කරන ලද්දකි. එය ෂරීආ පිළිවෙත නියම කළ අයුරින් පූර්ණවත් කිරීමෙන් හා ආවරණය කිරීමෙන් විය යුතුය.
  4. දෙපා ද වුළූ ධෝවනයේ අවයව අතරින් වූවකි. ඒ දෙක මත පිරිමැදීම ප්‍රමාණවත් වන්නේ නැත. එය සේදිය යුතු වේ.
  5. වුළූ ධෝවනයේ අවයව අතර අඛණ්ඩතාවය රැකිය යුතුය. එය සෑම අවයවයක්ම ඊට පෙර පවතින අවයවය වියැළීමට පෙර සෝදා හරින පරිදිය.
  6. නොදැනුවත්කම හා අමතක වීම අනිවාර්යය දෑ නැති කරන්නේ නැත. සැබැවින්ම ඒ දෙක නැති කරන්නේ පාපයයි. තම නොදැනුවත් කම නිසා වුළූ ධෝවනය සම්පූර්ණ නොකළ මෙම පුද්ගලයා වනාහි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන් අනිවාර්ය ක්‍රියාවක් නැති කළේ නැත. එය වුළූ ධෝවනයයි. එය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ
  • . . .