عَنْ أَبِي نَجِيحٍ العِرْبَاضِ بْنِ سَارِيَةَ رضي الله عنه قَالَ: وَعَظَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَوْعِظَةً وَجِلَتْ مِنْهَا القُلُوبُ، وَذَرَفَتْ مِنْهَا العُيُونُ، فَقُلْنَا: يَا رَسُولَ اللهِ! كَأَنَّهَا مَوْعِظَةُ مُوَدِّعٍ؛ فَأَوْصِنَا، قَالَ:
«أُوصِيكُمْ بِتَقْوَى اللَّهِ، وَالسَّمْعِ وَالطَّاعَةِ، وَإِنْ تَأَمَّرَ عَلَيْكُمْ عَبْدٌ، فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِي فَسَيَرَى اخْتِلَافًا كَثِيرًا، فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الخُلَفَاءِ الرَّاشِدِينَ المَهْدِيينَ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُمْ وَمُحْدَثَاتِ الأُمُورِ؛ فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».
[صحيح] - [رواه أبو داود والترمذي] - [الأربعون النووية: 28]
المزيــد ...
අබූ නජීහ් අල්-ඉර්බාල් ඉබ්නු සාරියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට උපදෙසක් දුන්හ. එමගින් හදවත් තිගැස්සින. ඇස් කඳුළු සළන්නට විය. පසුව අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙය සමුගැනීමේ උපදෙසක් මෙන්ය. අපට (තවත්) උපදෙස් දෙන්න." යැයි පැවසුවෙමු. එතුමාණෝ මෙසේ පැවසූහ:
"අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي] - [الأربعون النووية - 28]
සිත් සසල කරන ඇසිවලින් කඳුළු වගුරන ප්‍රබල උපදෙසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරන් අතර දේශනා කළහ. එවිට ඔවුහු නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදේශය තුළ අතිශයෝක්තිභාවයක් දුටු නිසාවෙන් 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මෙය සමුගන්නෙකුගේ උපදෙසක් මෙන් තිබේ' යැයි පැවසුවෝය. එහෙයින් එතුමාගෙන් පසුව තමන්ට පිළිපැදිය හැකි උපදෙසක් තමන්ට ලබා දෙන මෙන් ඔවුහු පැතූහ. එතුමාණෝ: 'සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තිමත් ව, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කිරීම ගැන මම ඔබ සැටම උපදෙස් දෙමි. එය අනිවාර්යය වගකීම් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දැයින් ඉවත්වීමෙන් විය යුත්තකි' යැයි පැවසූහ. "සවන් දිය යුතුය. අවනත විය යුතුය" යනුවෙන් අදහස් කරනුයේ ප්‍රධානීන් හා නායකයින් හට සවන් දීම හා අවනත වීමය. ඔබට ඉහලින් වහලෙකු නායකත්වයට පත් කළේ නම්, ඔහු ඔබව පාලනය කරන්නේ නම්, ඔහු මැවීම් අතරින් පහත් අයකු වුව ද ඔබේ ප්‍රධානියකු බවට ඔහු පත් කරනු ලැබුවේ නම් ඔබ ඒ ගැන පිළිකුල් නොකළ යුතුය. ඔහුට අවනත විය යුතුය. අර්බූද ඇතිවීම ගැන බිය වන්න. සැබැවින්ම ඔහු ඔබ අතරින් ජීවත් වන අයෙකි. (නැතහොත්) බොහෝ ගැටුම් දකිනු ඇත. පසුව මෙම මත ගැටුම්වලින් මිදිය හැකි ක්‍රමය එතුමාණෝ ඔවුනට පැහැදිලි කළහ. එනම්, එතුමාණන්ගේ පිළිවෙත හා එතුමාණන්ගෙන් පසු පැමිණි යහමඟ ලැබූ කුලෆාඋර් රාෂිදීන් හෙවත් අබූ බක්ර් අස්-සිද්දීක්, උමර් ඉබ්නුල් කත්තාබ්, උස්මාන් ඉබ්නු අෆ්ෆාන් සහ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හුම්) යන සිව් මහා පාලකයින්ගේ පිළිවෙත පිළිපැදීමය. එය පුරස්චාර්වක දත්වලින් හොඳින් අල්ලා ගන්න යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ. ඉන් අදහස් කරනුයේ නබි පිළිවෙත අවැසි කර ගෙන හා එය පිළිපැදීමය. දහම තුළ අලුතින් නිර්මාණය කරන ලද කරුණු සම්බන්ධයෙන් එතුමාණෝ අවවාද කළහ. හේතුව එසේ අලුතින් නිර්මාණය කරනු ලබන සෑම දෙයක්ම මුළාවෙහි පවතින බැවිනි.