«مَا تَرَكْتُ بَعْدِي فِتْنَةً أَضَرَّ عَلَى الرِّجَالِ مِنَ النِّسَاءِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5096]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
"පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5096]
තමන්ගෙන් පසුව පිරිමින් වෙත වඩාත් හානිදායක පරීක්ෂණයක් හා පිරික්සුමක් කාන්තාවන් හැර වෙනත් කිසිවක් ඉතිරි නොකළ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දෙයි. ඇය තම පවුලෙන් වූ කෙනෙකු වී නම්, ෂරීආ පිළිවෙතට පටහැනිව කටයුතු කරන්නියක් ලෙස ඔහු දැකිය හැක. ඇය පිටස්තර කාන්තාවක් වී නම් ඔහු ඇය සමග ඇසුරු කිරීමෙන් හා හුදෙකලා වීමෙන් අර්බුදය මිස වෙනත් කිසිවක් ඇති වන්නේ නැත.