ප්‍රවර්ගය:
+ -

عَنْ أَبِي مُحَمَّدٍ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ العَاصِ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يَكُونَ هَوَاهُ تَبَعًا لِمَا جِئْتُ بِهِ».

[قال النووي: حديث صحيح] - [رويناه في كتاب الحجة بإسناد صحيح] - [الأربعون النووية: 41]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ මුහම්මද් අබ්දිල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය."

[قال النووي: حديث صحيح] - [رويناه في كتاب الحجة بإسناد صحيح] - [الأربعون النووية - 41]

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ නියෝගයක්, තහනම් නියෝගයක් මෙන්ම වෙනත් කවර හෝ කරුණක් පිළිපැදීම පුද්ගලයකුට වඩාත් ප්‍රිය ජනක කටයුත්තක් වන තෙක් ඔහු සම්පූර්ණයෙන්ම විශ්වාසය සහිත කෙනෙකු වන්නේ නැති බව එතුමාණෝ පැහැදිළි කළහ. එබැවින් එතුමාණන් කවර කරුණක් නියෝග කළේ ද එයට ප්‍රිය කළ යුතු අතර කවර කරුණක් තහනම් කළේ ද එය පිළිකුල් කළ යුතුය.

හදීසයේ හරය

  1. මෙය ෂරීආ පිළිවෙතට අවනත වීමේ හා එයට යටත් වීමේ රීතිය පෙන්වා දෙන හදීසයකි.
  2. බුද්ධිය හා පුරුදු පදනම් කර ගනිමින් තීන්දු දීම, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේ ද එයට වඩා මෙයට ප්‍රමුඛත්වය දීම ගැන මිනිසාට කෙරෙන අවවාදය. එසේ සිදු කරන්නා දේව විශ්වාසය නොමැත්තෙකු වේ.
  3. සෑම කටයුත්තකම ෂරීආ පිළිවෙත අනුව තීන්දු දිය යුතුය. එය "මම කවර දෙයක් ගෙන ආවේ ද එය" යන එතුමාණන්ගේ ප්‍රකාශයට අනුව ය.
  4. සැබැවින්ම, අවනත වීමෙන් දේව විශ්වාසය වැඩි වන අතර පිටුපෑමෙන් අඩු වී යනු ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda المجرية التشيكية الموري Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර