عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ اللهَ عَزَّ وَجَلَّ يَبْسُطُ يَدَهُ بِاللَّيْلِ لِيَتُوبَ مُسِيءُ النَّهَارِ، وَيَبْسُطُ يَدَهُ بِالنَّهَارِ لِيَتُوبَ مُسِيءُ اللَّيْلِ، حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2759]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 2759]
සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පශ්චාත්තාප වී සමාව අයැදීම පිළිගන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ගැත්තා දවාලේ පාපයක් සිදු කර රාත්‍රියේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් ඔහුගේ පාපක්ෂමාව පිළිගනු ඇත. එමෙන්ම රාත්‍රියේ පාපයක් සිදු කර දහවලේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම් අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු ඇත. පශ්චාත්තාපය ගැන සතුටු වී එය පිළිගන්නට සුවිශුද්ධයාණන් තම අත දිගු හරයි. මොලො විනාශ වී යෑම දැනුම් දීමක් ලෙස හිරු අවරින් පායන තෙක් පාපක්ෂමාවේ දොරටු විවෘතව පවතී, එය උදා වූයේ නම් එවිට සැබැවින්ම පාපක්ෂමාවේ දොරටුව වැසී යනු ඇත.