+ -

عن عبد الله بن مسعود قال: قال رسول الله صلى الله عليه وسلم:
«هَلَكَ الْمُتَنَطِّعُون» قالها ثلاثًا.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2670]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය." මෙය තුන්වරක්ම පවසා සිටියහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2670]

විවරණය

තම ආගම හා තම ලෞකික කටයුතුවල දී ද, තම ප්‍රකාශවල හා ක්‍රියාවල දී ද -කිසිදු මඟපෙන්වීමකින් හා දැනුමකින් තොරව- අන්තවාදී ලෙස කටයුතු කරන්නන්ගේ විනාශය හා අලාභය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ ආගමික සීමාවන් ඉක්මවා යන්නෝ මොවුහුය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية Malagasy ඉතාලි Oromo Kannada Azeri الأوزبكية الأوكرانية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අන්තවාදය සහ සියලු කාරණාවලදී බලපෑම් කිරීම, තහනම් කිරීම, සෑම කටයුත්තකදීම එය වළක්වා ගැනීම සඳහා දිරි ගැන්වීම. විශේෂයෙන්ම නැමදුම් සහ ධාර්මිකයින් මහිමයට පත් කිරීමේ දී ප්‍රවේසම් විය යුතුය.
  2. නැමදුම්වල දී හා ඒ හැර වෙනත් කටයුතුවල දී පූර්ණත්වය පැතීම ප්‍රශංසනීය කරුණකි. එය ෂරීආ නීතිය අනුගමනය කිරීමෙන් විය යුතුය.
  3. වැදගත් කරුණු සහතික කිරීම සතුටුදායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රකාශය තුන්වරක්ම පවසා ඇත.
  4. ඉස්ලාමයේ උතුම්භාවය සහ එහි පහසුව.
අමතර