1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إِنَّ الدُّنْيَا حُلْوَةٌ خَضِرَةٌ، وَإِنَّ اللهَ مُسْتَخْلِفُكُمْ فِيهَا، فَيَنْظُرُ كَيْفَ تَعْمَلُونَ، فَاتَّقُوا الدُّنْيَا وَاتَّقُوا النِّسَاءَ، فَإِنَّ أَوَّلَ فِتْنَةِ بَنِي إِسْرَائِيلَ كَانَتْ فِي النِّسَاءِ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”

الملاحظة
Uiu
النص المقترح Ikhhuy678yhbkii7uudc

صحيح رواه مسلم صحيح مسلم - 2742

විවරණය

සැබැවින්ම මෙලොව භුක්ති විඳින්නට මිහිරිය; දකින්නට හරිතය. එමගින් මිනිසා රැවටෙයි. එහි වැඩි උනන්දුවක් දක්වයි. තම විශාලතම අපේක්ෂාව බවට ඔහු එය පත් කර ගනියි. මෙලොව ජීවිතයේ ඇතැමෙකු විසින් ඇතැමෙකු නියෝජනය කරන ආකාරයෙන් අල්ලාහ් නියම කර ඇත. එය අපි ඔහුට අවනත වී කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අපි ඔහුට පිටුපාන්නේ දැයි ඔහු නිරීක්ෂණය කිරීම සඳහාය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: 'මෙලොව වස්තුව හා එහි අලංකාරය ඔබව මුළා කිරීම ගැන ඔබ ප්‍රවේසම් විය යුතුය. එය අල්ලාහ් ඔබට නියෝග කළ දෑ අත්හැරීමටත් ඔහු තහනම් කළ දෑහි ඇද වැටීමටත් ඔබව පොළොඹවනු ඇත.' මෙලොව අර්බූදවලින් එසේ ප්‍රවේසම් විය යුතු බරපතලම කරුණක් වනුයේ කාන්තා අර් බූදයයි. ඉස්රාඊල් දරුවන් ඇද වැටුනු පළමු අර්බූදය එයයි.

හදීසයේ හරය

  1. දෙවියන් පිළිබඳ භක්තිය පිළිපැදීමට උනන්දු කරවීම, මෙලොව මතුපිට දකින දෑ හා එහි අලංකාරයන්හි කාර්ය බහුල නොවීම.
  2. කාන්තාවන් දෙස බැලීම, පිටස්තර පිරිමින් සමග මුසුවීම ගැන සැළකිලිමත් නොවීම යනාදී ක්‍රියාකාරකම් තුළින් ඇතිවන කාන්තා අර්බූදයෙන් ආරක්ෂා වීම.
  3. මෙලොව පවතින බරපතලම අර්බූධය වනුයේ කාන්තා අර් බූධයයි.
  4. ඉකුත්ව ගිය පෙර සමූහයන්ගෙන් පාඩම් ලැබීම හා උපදෙස් ලැබීම; ඉස්රාඊල් දරුවන්ට සිදු වූ ඉරණම අනෙක් අයටත් ලැබෙනු ඇත.
  5. කාන්තාවන්ගේ අර්බූධය: ඇය භාර්යාවක් නම්, පුරුෂයාට දරාගත නොහැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීමෙන් සිදු විය හැක. ආගමික කටයුතු ගැන පවා සෙවීමෙන් ඔහුගේ අවධානය වෙනතකට යොමු කර, මෙලොව පසුපස හඹා යන තරමට ඔහු වෙහෙසට පත් කරවනු ඇත. ඇය පිටස්තර කාන්තාවක් නම්, එවිට ඇගේ අර්බුධය, මිනිසුන් මායම් කර ඔවුන් සත්‍යයයෙන් දුරස් කිරීමය. ඔවුන් බැහැරට ගොස් පිරිමින් සමඟ ඇසුරු කරන විට, විශේෂයෙන් ඔවුන් අලංකාරය ප්‍රදර්ශණය කරමින් ගමන් කරන විට සිදු වේ. මෙය කාමමිථ්‍යාචාරයේ විවිධ මට්ටම්වලට වැටීමට හේතු විය හැක. එහෙයින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ්ව දැඩි සේ පිළිපැදිය යුතුය. ඔවුන්ගේ අර්බූධවලින් මිදීමට ඔහු වෙත යොමු වීමට තමන් ආශා කළ යුතුය.

අර්ථ කථන නිරීක්ෂණය

59 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ
  • . .
  • . .