عن عائشة رضي الله عنها ، وعبد الله بن عمر رضي الله عنهما قالا: قال رسول الله صلى الله عليه وسلم : «ما زال جبريل يوصيني بالجار، حتى ظننت أنه سيورِّثه».
[صحيح] - [متفق عليه من حديث ابن عمر -رضي الله عنهما-، ورواه مسلم من حديث عائشة -رضي الله عنها]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ආඉෂා තුමිය හා ඉබ්නු උමර් තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අසල්වැසියා සමග ප්රවේසමෙන් කටයුතු කරන්නට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට උපදෙස් දෙමින්ම සිටියේය. ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා ගෙන එන දේව පණිවිඩ අතර අසල්වැසියා උරුමකම් ලැබීම සම්බන්ධයෙන් ද පහළ වනු ඇතැයි මම සිතුවෙමි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අසල්වැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ශ්රේෂ්ඨත්වය. ඒ ගැන සැළකිලිමත් වීමේ අවශ්යතාව.
  2. ඔහුගේ උරුමය සම්බන්ධයෙන් උපදෙස් දීම තුළින් වඩාත් තහවුරු කර සිටිනුයේ ඔහුට උපකාර කිරීම, කරුණාව දැක්වීම, ඔහුට කෙරෙන ත්යාගශීලීත්වය, ඔහුට අත්වන හිංසාවන් වැළැක්වීම්. ඔහු රෝගාතුර වූ විට ඔහුගේ සුවදුක් විමසීම, සතුටු දායක අවස්ථාවකදී ඔහුට සුභ පැතීම, යම් කරදරයක් ඇති වූ විට ශෝකය පළ කිරීම වැනි කරුණු ක්රියාත්මක කිරීමේ අත්යවශ්යභාවයයි.