නබි වදන් ලැයිස්තුව

“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
عربي الإنجليزية الأوردية
“අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”
عربي الإنجليزية الأوردية
අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ
عربي الإنجليزية الإندونيسية