«مَا يُصِيبُ الْمُسْلِمَ مِنْ نَصَبٍ وَلَا وَصَبٍ وَلَا هَمٍّ وَلَا حُزْنٍ وَلَا أَذًى وَلَا غَمٍّ حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا إِلَّا كَفَّرَ اللهُ بِهَا مِنْ خَطَايَاهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5641]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මුස්ලිම්වරයකුට යම් ලෙඩක්, වෙහෙසක්, දුකක්, තැවුලක්, වේදනාවක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කටුවක් ඇනීමෙන් වුව ද, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු මිස නැත.”
මුස්ලිම්වරයකුට ලෙඩ රෝග, දුක් කම් කටොලු, සිත් තැවුල්, වේදනා, විපත්ති, අසීරුතා, බිය හා සාගිනි වැනි කම්පනයක් ඇති වූ විටෙක -එය කටුවක් ඇනී වේදනාවට පත්වීමෙන් වුව ද- ඒවා ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර් මයක් හා ඔහුගේ වැරදිවලට සමාවක් වන බව අල්ලාහ්ගේ දූතයාණෝ පැහැදිළි කරයි.
بيان فضل الله على عباده المؤمنين ورحمته بهم بغفران الذنوب بأقل ضرر يصيبهم.افتاح الهامش