«مَنْ يَضْمَنْ لِي مَا بَيْنَ لَحْيَيْهِ وَمَا بَيْنَ رِجْلَيْهِ أَضْمَنْ لَهُ الْجَنَّةَ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6474]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 6474]
මුස්ලිම්වරයකු පිළිපදින්නේ නම්, ස්වර්ගයට පිවිසිය හැකි කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
පළමුවැන්න: උත්තරීතර අල්ලාහ් උරණ වන කතාවෙන් දිව ආරක්ෂා කර ගැනීම.
දෙවන්න: දුරාචාරයේ වැටෙන ලිංගේන්ද්‍රීයන් ආරක්ෂා කිරීම.
සැබැවින්ම මෙම අවයව දෙක බොහෝ සෙයින් පාපයට ඇද දමන අවයව දෙකකි.