«إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 55]
المزيــد ...
අබූ මස්ඌද් අල් බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 55]
බිරිය, දෙමව්පියන් හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන පවුලේ වෙනත් අය වෙනුවෙන් මිනිසෙකු වියදම් කළ විට, ඔහු එමගින් උත්තරීතර අල්ලාහ්ට සමීප වීම, හා තමන් වියදම් කළ දෑ සඳහා ඔහුගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම 'සදකා' හෙවත් දානයේ ප්‍රතිඵල ඔහුට හිමි වේ.