«لَا تَقُولُوا: مَا شَاءَ اللهُ وَشَاءَ فُلَانٌ، وَلَكِنْ قُولُوا: مَا شَاءَ اللهُ ثُمَّ شَاءَ فُلَانٌ».
[صحيح بمجموع طرقه] - [رواه أبو داود والنسائي في الكبرى وأحمد]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට හුදෙයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. එතුමා: "c2">“‘අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය’ යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.” යනුවෙන් පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.
‘අභිමතය’ ගැන හෝ ඒ හා සමාන වෙනත් යමක් ගැන මෙනෙහි කිරීමෙන් පසු ‘වාව්’ නිපාතය ගෙනැවිත් ‘හා’ යන අර්ථය නිරූපනය කරන ආකාරයෙන් මැවීම්හි නමක් මැවුම්කරුගේ නම හා සම්බන්ධ කරනු ලැබීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. ඊට හේතුව එසේ සම්බන්ධ කරනු ලබන දෑ කවර දෙයක් මත සම්බන්ධ කළේ ද එයට සමාන වන බැවිණි. එය නිරපේක්ෂ බහු යෙදුමක් සඳහා තබන ලබන විට එයට පිළිවෙලක් හෝ අනු පිළිවෙලක් අවශ්‍ය වන්නේ නැත. මැවීමක් මැවුම්කරු සමග සම තත්ත්වයේ තැබීම ෂිර්ක් හෙවත් ආදේශ කිරීමකි. නමුත් මැවීම් මැවුම්කරු සමග සම්බන්ධ කිරීමේ දී ‘සුම්ම’ යන නිපාතය අදහස් කරන ‘පසුව, අනතුරුව’ යන පද භාවිතය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අනුමත කර ඇත. ඊට හේතුව එසේ සම්බන්ධ කරනු ලබන දෑ කවර කරුණක් සමග සම්බන්ධ කරන්නේ ද එහි ලිහිල් භාවයක් ඇති බැවිනි. එය ඊට පරව පවතනි බැවින් එහි අවධානමක් නොමැත.