«لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6114]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ශක්තිමත් මිනිසා මල්ලව පොර ක්‍රීඩකයා නොව, සැබැවින්ම ශක්තිමත් මිනිසා යනු තමන් කෝපයට පත් වූ විට තමාව පාලනය කර ගන්නා තැනැත්තාය.”
සැබැවින්ම සැබෑ ශක්තිය ශරීර ශක්තිය හෝ බලවත් දැවැන්ත අය සමග මල්ලවර පොර බැඳීම හෝ නොව, සැබෑ බලවත් ශක්තිය යනු ඔහුගේ ආත්මය කැප කිරීම හා ඔහුට කෝපය අත් වූ විට එය පාලනය කිරීමය. හේතුව, සැබැවින්ම එය තමන්ව පාලනය කිරීමේ හා ෂෙයිතාන්ව තමන් අභිබවා යෑමේ ශක්ති පෙන්වා දෙන්නක් වන බැවිනි.