ප්‍රවර්ගය:
عن أبي سعيد الخدري رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:

«لَا ضَرَرَ وَلَا ضِرَارَ، مَنْ ضَارَّ ضَرَّهُ اللَّهُ، وَمَنْ شَاقَّ شَقَّ اللَّهُ عَلَيْهِ».
[صحيح بشواهده] - [رواه الدارقطني] - [سنن الدارقطني: 3079]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“හිංසා නො කළ යුතුයි. ප්‍රති හිංසාව ද සිදු නො කළ යුතුයි. කවරෙකු හිංසා කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. කවරෙකු අපහසුතාවයට පත් කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව අපහසුතාවයට පත් කරනු ඇත."

الملاحظة
هذا الحديث ضعيف ( لَا ضَرَرَ وَلَا ضِرَارَ ) في جميع طرقه إن لا تؤمن انظروا إلى سنده وتحقق عنه قال النووي: ورواه مالك في الموطأ عن عمرو بن يحيى عن أبيه، عن النبي صلى اللّٰه عليه وسلم مرسلا، فأسقط أبا سعيد، وله طرق يقوي بعضها بعضا. اتقوا الله لا تتبوئوا مكاناً من النار لا تنسبوا الكذب إلى النبي اتقوا الذي إليه ترجعون
النص المقترح لا يوجد...
الملاحظة
هذا الحديث ضعيف ( لَا ضَرَرَ وَلَا ضِرَارَ ) في جميع طرقه إن لا تؤمن انظروا إلى سنده وتحقق عنه قال النووي: ورواه مالك في الموطأ عن عمرو بن يحيى عن أبيه، عن النبي صلى اللّٰه عليه وسلم مرسلا، فأسقط أبا سعيد، وله طرق يقوي بعضها بعضا. اتقوا الله لا تتبوئوا مكاناً من النار لا تنسبوا الكذب إلى النبي اتقوا الذي إليه ترجعون
النص المقترح لا يوجد...

[එය අනු සාක්ෂි තුළින් පූර්ව සාධක සහිතය] - [ඉමාම් අද් දාරකුත්නී එය වාරතා කර ඇත] - [سنن الدارقطني - 3079]

විවරණය

විවිධාකාරයෙන් මතුවන හානිය තමන්ගෙන් සහ අන් අයගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමාට හෝ අන් අයට හානි කිරීමට කිසිවෙකුට අවසර නොමැති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
ඔහුට නපුර නපුරෙන් පිරිමහ ගන්නට අවසර නැත. මක්නිසාදයත් සීමාව ඉක්මවීමෙන් තොරව, පිළිපදිනු ලබන ප්‍රතිචාර දැක්වීමේ මාර්ගයකින් හැර නපුර නපුරෙන් ඉවත් නොවන බැවිනි.
ජනයාට නපුර සිදු කරන්නාට නපුර හිමි වන බවත්, ජනයා දුෂ්කරත්වයට පත් කරන්නාට දුෂ්කරත්වය හිමි වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහිදිළි කළහ.

හදීසයේ හරය

  1. එක සමානව මිස අධික ලෙස ප්‍රතිචාර දැක්වීමේ තහනම.
  2. අල්ලාහ් තම ගැත්තන්හට හිංසා කරන යමක් ඔවුනට නියෝග කළේ නැත.
  3. ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අත්හැර දැමීමෙන් හෝ හිංසා කිරීමේ හා හිංසාවට ලක්වීමේ තහනම.
  4. ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටයි. කවරෙකු හිංසා පීඩා කරන්නේ ද අල්ලාහ් ද ඔහු හිංසා පීඩාවට ලක් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇති කරන්නේ ද අල්ලාහ් ද ඔහුට දුෂ්කරතා ඇති කරනු ඇත.
  5. ෂරියා නීතියේ එක් මූලධර්මයක් නම් “හිංසාව ඉවත් කරනු ලැබේ.” ෂරියා, හිංසාව අනුමත නොකරන අතර හිංසා කිරීම ප්‍රතික්ෂේප කරයි.
الملاحظة
النهي عن المجازاة بأكثر من المِثْل.
سلا
النص المقترح لا يوجد...
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (65)
ප්‍රවර්ග
අමතර