عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«الرَّضَاعَةُ تُحَرِّمُ مَا تُحَرِّمُ الوِلَادَةُ».
[صحيح] - [متفق عليه] - [الأربعون النووية: 44]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [الأربعون النووية - 44]
දරු ප්‍රසූතිය හේතුවෙන් තහනම් කරන දෑ කිරි පෙවීම හේතුවෙන් ද තහනම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඒ අනුව මාමා හෝ බාප්පා හෝ මහප්පා හෝ සහෝදරයා .. වැනි අය (විවාහයට) තහනම් කරනු ඇත. එමෙන්ම දරුවා ප්‍රසූත කළ හේතුවෙන් කවර නීති අනුමත වන්නේ ද ඒවා කිරි පෙවීම හේතුවෙන් ද අනුමත වනු ඇත.