عَنْ جَابِرٍ رضي الله عنه قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبْلَ وَفَاتِهِ بِثَلَاثٍ يَقُولُ:
«لَا يَمُوتَنَّ أَحَدُكُمْ إِلَّا وَهُوَ يُحْسِنُ بِاللهِ الظَّنَّ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2877]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 2877]
සැබැවින්ම අල්ලාහ් කරුණා කරනු ඇත. මරණ මංචකයේ සිටින විට තමන්ට සමාව ලැබෙනු ඇත යන අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස කෙනෙක් මිය නොයා යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. සැබැවින් ම බියබැතිමත් බව දෛනික ක්‍රියාවන් විධිමත් වීමට ඉවහල් වනු ඇත. එනමුත් මරණ මංචකය ක්‍රියාවන් සිදු කිරීමට උචිත තත්ත්වයක් නොවේ. එබැවින් එවැනි අවස්ථාවක අවශ්‍යය වනුයේ යහපත් අපේක්ෂාවයි.