ප්‍රවර්ගය: . .
+ -
عن عبد الله بن عمرو رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال:

«بَلِّغُوا عَنِّي وَلَوْ آيَةً، وَحَدِّثُوا عَنْ بَنِي إِسْرَائِيلَ وَلَا حَرَجَ، وَمَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3461]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා."

الملاحظة
Assalam-mu-Alaikum, CAn you please give the Hadith number of that given hadith in sahih bukhari
النص المقترح لا يوجد...
الملاحظة
89100223
النص المقترح لا يوجد...
الملاحظة
ان شاءالله خير
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 3461]

විවරණය

අල් කුර්ආනය හා හදීස් පිළිබඳ දැනුම දැනුවත් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කර සිටියි. එය කුර්ආනයෙන් හෝ හදීසයෙන් හෝ එක් වාක්‍යයක් වැනි සුළු කරුණක් වුව ද කම් නැත. නමුත් තමන් දැනුවත් කරන දෑ හා ඇරයුම් කරන දෑ පිළිබඳව දැනුවත්ව සිටීමේ කොන්දේසිය මතය. පසුව අපගේ ෂරීආ පිළිවෙතට පටහැනි නොවන සිදුවීම් ඉස්රාඊල් දරුවන්ට සිදු වී ඇත්නම් එවැන්නක් සම්බන්ධයෙන් ඔවුන් ගැන කතා කිරීම වරදක් නැති බව ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව තමන් වෙත බොරු පවසා සිටීම ගැන ද අවවාද කළහ. සැබැවින්ම කවරෙකු තමන් වෙත උවමනාවෙන්ම බොරු පවසා සිටියේ ද ඔහු අපා ගින්නේ නවාතැනක් ඔහු වෙනුවෙන් වෙන්කර ගනිත්වා!

හදීසයේ හරය

  1. අල්ලාහ්ගේ ආගම සන්නිවේදනය කිරීම ගැන උනන්දු කරවීම. තමන් මතක තබා ගත්, වටහා ගත් දෑ සුළුවෙන් වුව ද එය ඉටු කිරීම පුද්ගලයා සතු වගකීමකි.
  2. නිවැරදි ස්වරූපයෙන් අල්ලාහ් නැමදීමටත් ඔහුගේ ආගම සන්නිවේදනය කිරීමටත් හැකි වන පරිදි ආගමික දැනුම සෙවීමේ අනිවාර්යභාවය.
  3. දැඩි අවවාදවලට හසුවීමෙන් ආරක්ෂා වන පරිදි කවර හදීසයක් වුව ද එය වාර්තා කිරීමට හෝ දන්වා සිටීමට ‌පෙර එහි නිවැරදි භාවය ගැන සහතික කර ගැනීමේ අනිවාර්යයභාවය.
  4. බොරු කීමෙහි නොවැටෙන සේ කතාවේ අවංකකම සහ ප්‍රකාශයේ ප්‍රවේශම්භාවය ගැන දිරි ගැන්වීම. විශේෂයෙන්ම සර්වබලධාරී අල්ලාහ්ගේ නීතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී පිළිපැදිය යුතු වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأكانية الأوزبكية الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • .
  • . .
අමතර