عَن سَهْلِ بْنِ حُنَيْفٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَنْ سَأَلَ اللهَ الشَّهَادَةَ بِصِدْقٍ بَلَّغَهُ اللهُ مَنَازِلَ الشُّهَدَاءِ، وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සහ්ල් ඉබ්නු හනීෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු උත්තරීතර අල්ලාහ්ගෙන් සැබෑ ලෙසින්ම දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද ඔහුව දිවි පිදූවන්ගේ නිලයන්ට ඔහු ළඟා කරවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම සැබෑ චේතනාව ප්රතිඵල හා කුසල් වෙත ළඟා වීමට හේතුවක් වන බව මෙම හදීසයේ පැහැදිලි කර ඇත. සැබැවින්ම කවරෙකු යම් යහපත් ක්රියාවක් අධිෂ්ඨාන කළේ ද එම ක්රියාව සිදු කිරීමට ඔහුට නොහැකි වුව ද ඒ සඳහා කුසල් ඔහුට පිරිනමනු ලැබේ. ඒ අතරින් කවරෙකු තම හදවතින්ම අල්ලාහ්ගේ මාර්ගයේ හා ඔහුගේ දහමට උදව් වීමේදී තමන් දිවි පුදන්නෙකු විය යුතු යැයි ඉල්ලා සිටියේ නම්, අල්ලාහ් ඔහුට දිවි පිදූවන්ගේ ප්රතිඵල ලියනු ඇත. ඔහු ඔවුන්ගේ ක්රියාව මෙන් කටයුතු නොකළ ද ජිහාදයෙන් තොරව මිය ගිය ද එය එසේම වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර