«السَّاعِي عَلَى الأَرْمَلَةِ وَالمِسْكِينِ، كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ، أَوِ القَائِمِ اللَّيْلَ الصَّائِمِ النَّهَارَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5661]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්‍රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ."
තම සැමියා මිය ගිය කාන්තාවකගේ යහපත උදෙසා, ඇයගේ කටයුතු ක්‍රියාත්මක කිරීමට කිසිවකු නොවෙතොත් ඇය වෙනුවෙන් හා අවශ්‍යතා ඇති දුප්පතුන් වෙනුවෙන් කෙනෙක් ක්‍රියාත්මක වන්නේ ද එමෙන්ම උත්තරීතර අල්ලාහ් අභියසින් කුසල් බලාපොරොත්තු වෙමින් ඔවුන් වෙත වියදම් කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කරන්නෙකු හෝ වෙහෙසක් නොසිතා රාත්‍රි කාල සලාතයේ නිරත වී, උපවාසය කඩ නොකළ අයකු හා සමාන වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.