عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«كُلُّ أُمَّتِي مُعَافًى إِلَّا المُجَاهِرِينَ، وَإِنَّ مِنَ المُجَاهَرَةِ أَنْ يَعْمَلَ الرَّجُلُ بِاللَّيْلِ عَمَلًا، ثُمَّ يُصْبِحَ وَقَدْ سَتَرَهُ اللَّهُ عَلَيْهِ، فَيَقُولَ: يَا فُلاَنُ، عَمِلْتُ البَارِحَةَ كَذَا وَكَذَا، وَقَدْ بَاتَ يَسْتُرُهُ رَبُّهُ، وَيُصْبِحُ يَكْشِفُ سِتْرَ اللَّهِ عَنْهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6069]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මාගේ සමූහයේ සියලු දෙනා නොසලකා හරිනු ලැබුවෝය. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර. එසේ ප්‍රසිද්ධියට පත්කර ගන්නන් අතරින් කරුණක් නම්, මිනිසෙකු රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කරයි. පසුව උදෑසන අවදි වෙයි. සැබැවින්ම අල්ලාහ් එය වසන් කළේය. නමුත් ඔහු: "අහෝ මිනිස! රාත්‍රී කාලයේ මා මේ මේ කටයුතු සිදු කළෙමි යැයි පවසයි. ඔහුගේ පරමාධිපති එය වසන් කර තිබුණි. නමුත් ඔහු අවදි වී ඔහු ගැන අල්ලාහ් වසන් කළ දෑ හෙළි කරන්නට විය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6069]
අහංකාරයෙන් හා පුරසාරම් දොඩමින් තමන් කළ පාපය ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර, පාපකම් කරන මුස්ලිම්වරයකුට අල්ලාහ්ගේ සමාව හා පාපක්ෂමාව අපේක්ෂා කළ හැකි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කර පසුව උදෑසන අවදි වී පෙර දින කළ පුද්ගල පාපය තවත් කෙනෙකු සමග කතා කරමින් එසේ ප්‍රසිද්ධියට පත්කරන්නාට සමාව සුදුසු වන්නේ නැත. සැබැවින්ම ඔහුගේ පරමාධිපතියාණන් එය වසන් කර තිබුණි. නමුත් ඔහු වසන් කළ දෑ උදෑසන හෙළි කළේය.