عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«المُسْلِمُ مَنْ سَلِمَ المُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 10]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 10]
සැබැවින්ම මුස්ලිම්වරයෙක් පරිපූර්ණ මුස්ලිම්වරයකු බවට පත් වනුයේ සෙසු මුස්ලිම්වරුන් ඔහුගේ දිවෙන් ආරක්ෂාව ලබන විට යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එහෙයින් ඔහු ඔවුනට බැණ නොවදියි; ඔවුනට දොස් නොකියයි; ඔවුන් ගැන කේළාම් නොකියයි; තම දිවෙන් හානිය ඇතිවන කවර දෙයකින් වුව ද ඔහු ඔවුන් අතර එසේ කටයුතු නොකරයි. එමෙන්ම ඔවුන් ඔහුගේ අතින් ආරක්ෂාව ලබන විටය. එහෙයින් ඔහු ඔවුන් කෙරෙහි ඉක්මවා කටයුතු නොකරයි. කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ ධනය පැහැර නොගනියි. එවැනි වෙනත් දැයින් ද ඔහු වැළකි සිටියි. මුහාජිර් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, අල්ලාහ් කවර කරුණක් තහනම් කළේ ද එය අත්හැර දමන්නාය.