عن عثمان بن عفان رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِهِ».  
                        
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 245]
                        
 المزيــد ... 
                    
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.” 
                                                     
                                                                                                    
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 245]                                            
කවරෙකු වුළූ ධෝවනයෙහි සුන්නතයන් හා විනයන් පිළිපදිමින් එසේ නිසි ලෙස වුළූ ධෝවනය කළේ ද එය ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර්මයක් වීමටත්, වැරදි මැකී යාමටත් හේතුවක් වන්නේය. එය කෙතරම් ද යත් ඔහුගේ පාපකම් ඔහුගේ දෑත් හා දෙපාවල නියපොතු යටින් පිහිටිය ද එය ඉවත්ව යනු ඇත.