1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)

عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: كَانَ مِنْ دُعَاءِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ».

අබ්දුල්ලා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කරන්නෙක් වූහ:
اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)

صحيح رواه مسلم صحيح مسلم - 2739

විවරණය

කරුණු හතරක් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ආරක්ෂාව පැතූහ:
පළමුව: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි) එනම් මෙලොව හා මතුලොව ආශිර්වාදයන් අහිමි වීමෙන් ආරක්ෂාවය. එමෙන්ම ඉස්ලාමය මත ස්ථාවරත්වය ද, ආශිර්වාද අහිමි කරන පාපකම්වල වැටීමෙන් දුරස් කරන මෙන් ද ඉල්ලා සිටිමි.
وَتَحَوُّلِ عَافِيَتِكَ (ඔබ වෙතින් වූ සුවය වෙනතකට පෙරළීමෙන් ද) එය පරීක්ෂණයක් දක්වා පරිවර්තනය වීමෙන් ද ආරක්ෂාව පතමි. සදා සුවය මෙන්ම සියලුම දුක් වේදනාවන් හා ලෙඩ රෝගවලින් සුවය මම ඔබෙන් පතමි.
තුන්වැන්න: وَفُجَاءَةِ نِقْمَتِكَ (ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ආරක්ෂාව පතමි) එනම් පරීක්ෂණ හා ව්‍යසන ඇතිවීමෙන් ආරක්ෂාව පතමි. දඬුවම් හා දුක් කරදර අනපෙක්ෂිත ලෙස එකවර ඇති වූ විටෙක පාපක්ෂමාවෙහි නිරත වීමට හෝ එය සහනයක් ලබා ගැනීමට හෝ කාලයක් නැත. එමගින් ඇතිවන අර්බුධය බිහිසුණුය. අති මහත්ය.
සිව්වැන්න: وَجَمِيعِ سَخَطِكَ (ඔබේ සියලු කෝපයන්ගෙන් ද) ඔබේ කෝපයට තුඩු දෙන හේතු සාධකවලින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ කවරෙකු කෙරෙහි කෝප වූයේ ද සැබැවින්ම ඔහු පරාජය අත් කර ගත් අතර පාඩු ලැබුවේය.
සුවිශුද්ධ අල්ලාහ්ගේ කෝපයට හේතුවන සියලුම ප්‍රකාශ, ක්‍රියාවන් හා විශ්වාසයන් ඇතුළත් වන පරිදි මෙම වචන එකතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ගෙන ආහ.

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්තරීතර අල්ලාහ් වෙත බැගෑපත් වීම.
  2. ලබා ඇති ආශිර්වාදවලට කෘතගුණ සැලකීම සඳහාත්, පාපකම්හි වැටීමෙන් ආරක්ෂා ලැබීම සඳහාත් ආශිර්වාද කරන මෙන් වූ ප්‍රකාශ මෙම ආරක්ෂාව පැතීමේ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව තුළ ඇතුළත් වේ. එසේ වීමට හේතුව සැබැවින්ම එය නිසා ආශිර්වාද ගිලිහී යන බැවිනි.
  3. උත්තරීතර අල්ලාහ්ගේ කෝපයට තුඩු දෙන අවස්ථාවලින් දුරස්වීම සඳහා උනන්දු කරවීම.
  4. උත්තරීතර අල්ලාහ්ගේ උදහස අනපේක්ෂිත ලෙස පැමිණීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආරක්ෂාව පැතූහ. එසේ ගැත්තාට යම් ව්‍යසනයක් පහළ වූ විට එය වළක්වා ගත නොහැකි පරීක්ෂණයක් ලෙස ඔහුට එය නියම වනු ඇත. එමෙන්ම සෙසු සියලු දනන් එක් වුව ද එය වැළැක්වීමට නොහැකි වනු ඇත.
  5. සුවිශුද්ධයාණන් ආශිර්වාද කළ සුවය හා ආරෝග්‍යමත් භාවය පෙරළී යාමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ආරක්ෂාව පැතූහ. ඊට හේතුව අල්ලාහ් යමෙකුට ඔහුගේ සුවය හා ආරෝග්‍යමත්භාවය ඔහුට නියම කළ විට දෙලොවෙහි යහපත ඔහු ලබනු ඇත. නමුත් එය ඔහුගෙන් ඉවත් වී වෙනස් වූයේ නම් දෙලොවෙහි නපුර ඔහුට අත්වනු ඇත. සැබැවින්ම සුවය හා ආරෝග්‍යමත්භාවය ඇත්තේ ආධ්‍යාත්මික හා භෞතික යහපත මත පදනම්වය.

අර්ථ කථන නිරීක්ෂණය

50 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية