«إِنَّ مِمَّا أَدْرَكَ النَّاسُ مِنْ كَلاَمِ النُّبُوَّةِ الأُولَى: إِذَا لَمْ تَسْتَحْيِ فَاصْنَعْ مَا شِئْتَ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6120]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
පෙර සිටි නබිවරුන්ගේ උපදෙස් අතරින් වූ මිනිසුන් අතර පැතිරී යන ඔවුන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පාන මෙම ප්‍රජාවේ ආරම්භ කාලය දක්වාම දිගුවක් ලෙස පැවත එන කරුණක් නම්, ඔබ සිදු කරන්නට කැමති දෑ ගැන අවධානයට ගන්න. ඒ අතරින් ලැජ්ජාවට පත් නොවන දෑ වී නම් ඔබ එය සිදු කරන්න. ලැජ්ජාවට පත්වන දෙයක් වී නම් එය අත්හැර දමනන්න. අශීලාචාර ක්‍රියාවන්ගෙන් වළක්වාලනුයේ ලැජ්ජාවය. කවරෙකුට ලැජ්ජාවක් නොමැත්තේ ද අශීලාචාර පිළිකුල් සහගත සෑම ක්‍රියාවකම ඔහු නිරත වෙත්වා!