عَن أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«يُسَلِّمُ الرَّاكِبُ عَلَى المَاشِي، وَالمَاشِي عَلَى القَاعِدِ، وَالقَلِيلُ عَلَى الكَثِيرِ». وَلِلبُخَارِي: «يُسَلِّمُ الصَّغِيرُ عَلَى الكَبِيرِ، وَالمَارُّ عَلَى القَاعِدِ، وَالقَلِيلُ عَلَى الكَثِيرِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මෙම හදීසයේ, සලාම් පැවසීමට වඩාත් සුදුසු පුද්ගලයා කවුරුන්දැයි පැහැදිලි කර ඇත. පළමුවැන්නා වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාට සලාම් පවසයි. හේතුව වාහනයේ ගමන් කරන්නා උසින් සිටින්නෙකි. ඔහුගෙන් සලාමය ආරම්භ කිරීම තම උසස් තත්ත්වයේ සිටියදී තම සහෝදර මුස්ලිම්වරයාට තම යටහත් භාවය පෙන්වා දීමක් වනු ඇත. එවිට එය ඔහුගේ ආදරයට හා සෙනෙහසට හේතුවක් වන්නේය. දෙවැන්න, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාට සලාම් පවසයි. එය නිවස තුල සිටින්නාට එහි ඇතුල්වන්නා සලාම් කීමට සමානය. තවත් හේතුවක් වනුයේ වාඩිවී සිටින්නාට ගමන් කරන්නන් අතරින් නියමිත මගියා දෙස බැලීමට අසීරුය. එහෙයින් ඔහුගෙන් සලාම් පවසා ආරම්භ කිරීමේ වගකීම ඉවත්වනු ඇත. තුන්වැන්න, සුළු පිරිස බහුතර පිරිසට සලාම් පවසනු ඇත. එය එම පිරිස ගෞරවයට පත් කිරීමේ අරමුණෙනි. සිව්වැන්න, කුඩා අය වැඩිහිටියන්ට සලාම් පැවසීමය. හේතුව වැඩිහිටියා කුඩා අයට වඩා උරුමය ඇත්තන් වන බැවිනි. නමුත් කුඩා පිරිසක් නොසැලකිල්ලෙන් සිටියදී බහුතර පිරිස සලාම් පවසන්නට සිදු වූයේ නම් එමෙන්ම කුඩා අය නොසැලකිල්ලෙන් සිටියදී වැඩිහිටියාට සලාම් පවසන්නට සිදු වූ යේ නම් සුන්නාව මඟ හැරීමක් වන්නේ නැත. මෙය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ප්රකාශයයි. වැඩිහිටියා කුඩා අයට සලාම් පැවසීම හරාම්ය යන්න අර්ථ ගැන්වෙන්නේ නැත. නමුත් වඩාත් සුදුසු අර්ථය වනුයේ කුඩා අය වැඩිහිටියාට සලාම් පැවසීම යන්නය. ඔහු සලාම් නොපැවසුවේ නම් වැඩිහිටියා ඔහුට සලාම් පවසනු ඇත. එය මුලින්ම සලාම් පවසමින් හමුවන්නාගේ මහිමය අබූ උමාමා විසින් වාර්තා කර ඇති බැවිනි. එනම්, අල්ලාහ්ට මිනිසුන්ගෙන් වඩාත් ප්රමුඛයා සලාමය ගෙන ආරම්භ කරන්නාය. එසේ නම් දෙදෙනෙකු මුණ ගැසුනු විට ඔවුන් අතරින් අල්ලාහ්ට ප්රමුඛයා වනුයේ සලාම් පවසා හමුව ආරම්භ කරන්නාය යන්නයි. තවත් හදීසයක ඔවුන් දෙදෙනාගෙන් ශ්රේෂ්ඨ වනුයේ සලාම් පවසා ආරම්භ කරන්නාය යනුවෙන් වාර්තා වී ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර