ප්‍රවර්ගය: . . .
عَنْ جَرِيرٍ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَنْ يُحْرَمِ الرِّفْقَ يُحْرَمِ الْخَيْرَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2592]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජරීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2592]

විවරණය

"කවරෙකු කාරුණිකත්වය තහනම් කර ගන්නේ ද, මෙලොව හා මතුලොව කටයුතු වලදී ද, තමා වෙනුවෙන් වන කටයුතුවල දී ද, ඔහු වෙනත් අය සමග කරන කටයුතුවල දී ද ඔහු ආශිර්වාද නො ලබනු ඇත. එබැවින් ඔහු සියලු යහපත අහිමි කර ගනී." යැයි නබි (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාණන් දැන්වුහ.

හදීසයේ හරය

  1. කාරුණිකත්වය හා මෘදු භාවයේ මහිමය. එය පුරුද්දක් කර ගැනීම සඳහා දිරි ගැන්වීම හා ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම.
  2. කරුණාව යනු දෙලොවෙහිම යහපැවැත්ම සහ ඒ දෙකෙහි කටයුතු පුළුල් කිරීම සහතික කරන්නක් වන අතර ප්‍රචණ්ඩත්වය එහි ප්‍රතිවිරුද්ධයයි.
  3. යහපත් ගතිගුණ හා තැන්පත්භාවය නිසාවෙන් කාරුණිකත්වය (මෘදුභාවය) බිහිවන අතර, කෝපය හා රළුභාවය නිසාවෙන් ප්‍රචණ්ඩත්වය බිහිවනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණාව (මෘදුභාවය) අගය කරමින් එය අතිශයෝක්තියට නංවා පවසා ඇත්තේ එබැවිනි.
  4. සුෆ්යාන් අස්-සව්රි තුමා තම සහගාමීන්ට මෙසේ පවසා සිටියේය: "මෘදුකම යනු කුමක් දැයි ඔබ දන්නෙහු ද? එනම්, ඒ ඒ කටයුතු ඒවාට අදාළ ස්ථානයන්හි තැබීමය. දරුණුකම් එයට අදාළ ස්ථානයේ ද, මෘදුකම එයට අදාළ ස්ථානයේ ද, අසිපත එයට අදාළ ස්ථානයේ ද කසය එයට අදාළ ස්ථානයේ ද නියම කිරීම ය.
الملاحظة
قال سفيان الثوري رحمه الله لأصحابه: أتدرون ما الرفق؟ هو أن تضع الأمور مواضعها، الشدة في موضعها، واللين في موضعه، والسيف في موضعه، والسوط في موضعه.
آدرس این متن؟
النص المقترح سفیان ثوری رحمه الله به یارانش گفت: آیا می‌دانید نرمخویی چیست؟ نرمخویی عبارت است از قرار دادن هر چیز در جای خود: شدت در جای خود، سهل‌گیری در جای خود، شمشیر در جای خود و تازیانه در جای خود.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (51)
ප්‍රවර්ග
  • . .
අමතර