أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْبَلَ إِلَيْهِ رَهْطٌ، فَبَايَعَ تِسْعَةً وَأَمْسَكَ عَنْ وَاحِدٍ، فَقَالُوا: يَا رَسُولَ اللهِ، بَايَعْتَ تِسْعَةً وَتَرَكْتَ هَذَا؟ قَالَ: «إِنَّ عَلَيْهِ تَمِيمَةً»، فَأَدْخَلَ يَدَهُ فَقَطَعَهَا، فَبَايَعَهُ، وَقَالَ: «مَنْ عَلَّقَ تَمِيمَةً فَقَدْ أَشْرَكَ».
[حسن] - [رواه أحمد]
المزيــد ...
උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු සුර පබළු එල්ලන්නේ ද අල්ලාහ් ඔහුට (ඔහුගේ කාර්යය) සම්පූර්ණ කරන්නේ නැත. කවරෙකු සුර බෙල්ලන් එල්ලන්නේ ද අල්ලාහ් ඔහුට (ඔහුගේ කාර්යය) සැහැල්ලු කරන්නේ නැත.”
තවත් වාර්තාවක කවරෙකු සුර එල්ලන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - අහ්මද් එය වාර්තා කර ඇත.
කවරෙකු හිංසා පීඩාවන් වළක්වනු ඇතැයි විශ්වාස කරමින් සුර එල්ලීම යොදා ගන්නේ ද සැබැවින්ම ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ශාපයට ඇතුළත් වන බව මෙම හදීසය පෙන්වා දෙයි. ඊට විරුද්ධව ඔහුගේ අපේක්ෂාව අල්ලාහ් වෙනස් කරයි. ඔහුගේ කටයුතු අල්ලාහ් ඔහුට පූර්ණවත් නොකරයි. පෙර පැවති අරමුණු උදෙසා සුර බෙල්ලන් භාවිතා කරන්නන්හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ශාප කළාක් මෙන් අල්ලාහ් ඔහුව සැනසුමෙහි හා නිදැල්ලේ අත් නොහරිනු ඇත. හැම ආකාරයකම වේදනාවන් ඔහු වෙත චලිතවෙමින් පැමිණෙයි. -මෙම ප්රාර්ථානාව එම ක්රියාවෙන් ප්රවේසම් වීම ඉලක්ක කරගෙන ඇත.- එසේම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවන හදීසයේ සඳහන් වන පරිදි සැබැවින්ම එම ක්රියාව අල්ලාහ්ට ආදේශ කිරීමක් ද වන්නේය.