عَنْ حَكِيمِ بْنِ حِزَامٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ:
قُلْتُ: يَا رَسُولَ اللَّهِ، أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَتَحَنَّثُ بِهَا فِي الجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ، وَصِلَةِ رَحِمٍ، فَهَلْ فِيهَا مِنْ أَجْرٍ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَسْلَمْتَ عَلَى مَا سَلَفَ مِنْ خَيْرٍ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1436]
المزيــد ...

හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ මම පුණ්‍ය කටයුතු, වහලුන් නිදහස් කිරීම් සහ ඥාතී සබඳතා පැවැත්වීම් වැනි ක්‍රියාවන් සිදු කරමින් ආවෙමි. ඒවායෙහි මට යම් ප්‍රතිඵලයක් තිබේ ද? ඒ ගැන ඔබේ අදහස කුමක් ද? යැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 1436]

විවරණය

දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා විසින් ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර පුණ්‍ය කටයුතු හෝ වහලුන් නිදහස් කිරීම හෝ ඥාතී සම්බන්ධකම් පැවැත්වීම වැනි යහපත් ක්‍රියාවන් කිසිවක් සිදු කර තිබුණේ නම්, ඔහු ඉස්ලාමය වැළඳගත් අවස්ථාවේ ඒ සඳහා කුසල් ඔහුට ප්‍රදානය කරනු ලැබේ.

හදීසයේ හරය

  1. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයා එසේ ඔහු ප්‍රතික්ෂේප කළ තත්ත්වයේම මිය ගියේ නම්, මෙලොවෙහි සිදු කරන යහපත් ක්‍රියා කිසිවක් සඳහා මතුලොවෙහි ඔහුට තිළිණ පිරිනමනු නොලැබේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (66)
අමතර