+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَن توضأ فأحسنَ الوُضوء، ثم أتى الجمعةَ فاسْتمعَ وأَنْصَتَ غُفِرَ له ما بينه وبين الجمعة وزيادةُ ثلاثة أيام، ومَن مَسَّ الحَصا فقد لَغا».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර, පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේද ඒ තැනැත්තා අපතේ හැරියේය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 857]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. කවරෙකු වුළූ ධෝවනය කර, ඔහුගේ එම වුළූ ධෝවනයට අදාළ මූලිකාංග, එයට අදාළ සුන්නාවන් හා එහි නිසි ක්‍රමය පිළිපදිමින් එය පූර්ණවත් කර, පසුව ජුමුආ සලාතය සඳහා පැමිණ නිහඬ ව සිට, දේශකයාට සවන් දී, අනවශ්‍ය දැයින් ඔහු ඉවත්ව සිටියේ ද, එම ජුමුආ සලාතයේ සිට දෙවන ජුමුආ සලාතය දක්වා හා ඊට අමතරව තවත් දින තුනක් සමග දින දහයක සුළු පාපයන් සඳහා අල්ලාහ් ඔහුට සමාව ‌දෙනු ඇත. එසේ හිමි වනුයේ සැබැවින්ම යහපතට ඒ හා සමාන දස ගුණයක් හිමිවන බැවිනි. කුත්බා දේශනයේ පවසනු ලබන දෑ හදවතට නොගැනීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ. ගල් කැට ස්පර්ශ කිරීම හා එවැනි වෙනත් කටයුතු වල ශරීර අවයව නිරත කරවීමෙන් එම අවදානය නැති වී යනු ඇත. සැබැවින්ම කවරෙකු එලෙස සිදු කළේ ද සැබැවින්ම ඔහු සලාතය විනාශ කර ගත්තේය. කවරෙකු එය විනාශ කර ගත්තේද එවිට ජුමුආවට අදාළ පරිපූර්ණ කුසලෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية النيبالية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. වුළූ ඉටු කිරීමට හා එය පූර්ණවත් ලෙසින් සම්පූර්ණ කිරීමට උනන්දු කරවීම. ජුමුආ සලාතය නොකඩවා පිළිපැදීම.
  2. ජුමුආ (සිකුරාදා) සලාතයේ මහිමය
  3. ජුමුආ දේශනාව සඳහා නිහඩතාව රැකිය යුතු ය. එමෙන්ම කතා කිරීම හෝ වෙනත් කරුණුවල අවධානය යොමු කිරීම හෝ නොකළ යුතුය.
  4. කුත්බා දේශනාව අතරවාරයේ කවරෙකු එලෙස විනාශ කර ගත්තේ ද ඔහුගේ සලාතය වලංගු වේ. එනමුත් ප්‍රතිඵල අඩුවීමත් සමග අනිවාර්යය වගකීම ඉවත් කරවන්නක් වනු ඇත.
අමතර