«رَغِمَ أَنْفُ، ثُمَّ رَغِمَ أَنْفُ، ثُمَّ رَغِمَ أَنْفُ»، قِيلَ: مَنْ؟ يَا رَسُولَ اللهِ قَالَ: «مَنْ أَدْرَكَ أَبَوَيْهِ عِنْدَ الْكِبَرِ، أَحَدَهُمَا أَوْ كِلَيْهِمَا فَلَمْ يَدْخُلِ الْجَنَّةَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2551]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර හිඳ පසුව ස්වර් ගයට නොපිවිසුණු තැනැත්තාය."
පසෙහි තම නාසය තබන්නාක් සේ ඔහුට අවමානය හා අපහාසය ලැබේවා යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රාර්ථනා කළහ. -තුන් වරක් එසේ ප්‍රකාශ කර සිටියහ.- අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහුට එරෙහිව ඔබ ප්‍රාර්ථනා කළ අය කවුරුන්දැ?යි විමසන ලදී.
එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: කවරෙකු තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර දැක එය ඔහු ස්වර්ගයට පිවිසීමට හේතුවක් බවට පත් කර නොගත් තැනැත්තාය. එය ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු නොකර ඔවුනට අකීකරු වීම හේතුවෙනි.