+ -

عَنْ ‌عَدِيِّ بْنِ حَاتِمٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«الْيَهُودُ مَغْضُوبٌ عَلَيْهِمْ، وَالنَّصَارَى ضُلَّالٌ».

[صحيح] - [رواه الترمذي] - [سنن الترمذي: 2954]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අදී ඉබ්නු හාතිම් විසින් මෙසේ වාර්තා කරන ලදී.
"යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත] - [سنن الترمذي - 2954]

විවරණය

යුදෙව්වන් සත්‍යය දැන දැනත් ඒ අනුව කටයුතු නො කළ බැවින් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසක් යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එමෙන්ම කිතුනුවන් කිසිදු දැනුමකින් තොරව ක්‍රියා කළ බැවින් ඔවුන් නො මඟ ගිය පිරිසක් බවත් එතුමාණෝ දැනුම් දුන්හ.

හදීසයේ හරය

  1. දැනුම හා ක්‍රියාව ඒකාබද්ධ කිරීම, කෝපයට පත් වූවන්ගේ සහ නොමග ගියවුන්ගේ මාර්ගයෙන් ගැලවීමේ මාර්ගයකි.
  2. යුදෙව්වන්ගේ සහ කිතුනුවන්ගේ වැරදි මාර්ගයට එරෙහිව අනතුරු ඇඟවීම සහ ඉස්ලාමය වන සෘජු මාර්ගයට බැඳී සිටීම.
  3. යුදෙව්වන් සහ කිතුනුවන් යන සෑම පිරිසක්ම නො මඟ ගිය අයවලුන් වන අතර ඔවුන් කෝපයට ද ලක් වුහ. නමුත් යුදෙව්වන් පිළිබඳ වඩාත් සුවිශේෂී ප්‍රකාශය වූයේ ඔවුන් කෝපයට ලක් වූ පිරිසක් බවයි. එමෙන්ම කිතුනුවන් පිළිබඳ වඩාත් සුවිශේෂී ප්‍රකාශ වූයේ ඔවුන් නො මඟ ගිය පිරිසක් බවයි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු උයිගුර් තුර්කි බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර