عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «قَالَ اللَّهُ: كَذَّبَنِي ابْنُ آدَمَ وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، وَشَتَمَنِي وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، فَأَمَّا تَكْذِيبُهُ إِيَّايَ فَقَوْلُهُ: لَنْ يُعِيدَنِي، كَمَا بَدَأَنِي، وَلَيْسَ أَوَّلُ الخَلْقِ بِأَهْوَنَ عَلَيَّ مِنْ إِعَادَتِهِ، وَأَمَّا شَتْمُهُ إِيَّايَ فَقَوْلُهُ: اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا الأَحَدُ الصَّمَدُ، لَمْ أَلِدْ وَلَمْ أُولَدْ، وَلَمْ يَكُنْ لِي كُفْؤًا أَحَدٌ». المزيد
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙසේ පවසන ලදී. “උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය. ඔහු මා බොරු කිරීම වූ කලී, 'මා උත්පාදනය වූවාක් මෙන්ම මා නැවත කිසිවිටෙක හැරී යන්නේ නැත’ යැයි ඔහු කළ ප්‍රකාශයයි. මැවීම් පළමුව උත්පාදනය කර තිබීම, එය නැවත ගෙන එන්නට මට වඩාත් පහසු කාර්යයක් නොවන්නේ ද? ඔහු මට බැණ වැදීම වූ කලී, ‘අල්ලාහ් දරුවකු ගත්තේ ය' යැයි ඔහු කළ ප්‍රකාශයයි. මා කිසිදු අවශ්‍යතාවයකින් තොර වූ ඒකීයය. මා දාව කිසිවකු බිහි නොකළෙමි. කිසිවෙකු විසින් බිහි කරනු ලැබුවේ ද නැත. මට සමාන කිසිවකු නැත.”