عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«أَلْحِقُوا الفَرَائِضَ بِأَهْلِهَا، فَمَا بَقِيَ فَلِأَوْلَى رَجُلٍ ذَكَرٍ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6737]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ෆරාඉල් (අල් කුර්ආනයේ නියම කර ඇති දේපළ කොටස්) සඳහා හිමිකම් ඇති අයට ඒවා ලැබෙන්නට සළස්වන්න. ඉන්පසු ඉතිරි වන දේ මියගිය පුද්ගලයාගේ සමීපතම පිරිමි ඥාතියාට හිමි විය යුතුය"

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6737]

විවරණය

මිය ගිය ඇත්තන් හැර දමා ගිය වස්තුව බෙදන්නන් හට ඒවා අල්ලාහ් අභිමත කර ඇති පරිදි නිත්‍යානුකූල සාධාරණනීය ක්‍රමයට අනුව වෙන් කර අදාළ උදවිය වෙත බෙදා දෙන මෙන් ද ඒවා නියම කර ඇති තැනැත්තන් හට අල්ලාහ්ගේ ග්‍රන්ථයේ සඳහන්ව ඇති ආකාරයට පිරිනමන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. එනම් තුනෙන් කොටස් දෙකක්, තුනෙන් එක් කොටසක්, හයෙන් එක් කොටසක්, අඩක්, හතරෙන් එක් කොටසක් හා අටෙන් එක් කොටසක් යනාදී ලෙසිනි. ඉන්පසු ඉතිරිවන දෑ මියගිය තැනැත්තාට සමීපතම පිරිමි ඥාතියා හට පිරිනැමිය යුතුය. එයට අසබා යනුවෙන් නම් කෙරී ඇත.

හදීසයේ හරය

  1. මෙම හදීසය මියගිය තැනැත්තෙකු විසින් හැර දමා ගිය වස්තුව බෙදීමේ නීති රීති පෙන්වා දෙයි.
  2. එම දේපළ වස්තු බෙදීම ආරම්භ කළ යුත්තේ ඒවා ලැබීමට හිමිකම් පාන තැනැත්තන්ගෙනි.
  3. එම දේපළ වස්තුව බෙදීමෙන් පසු ඉතිරිවන දෑ අස්බා නම් සමීප ඥාතීන් හට හිමි වන්නේය.
  4. වඩාත්ම සමීප ඥාතියාට ඉන් පසු සමීප ඥාතියාට යනාකාරයෙන් ඒවා පිළිගැන්විය යුතුය. පියා වැනි වඩාත් සමිප ඥාතියකු සිටිය දී මාමා වැනි දුරින් ඥාතිත්තවය ඇති අයට දේපළ උරුමය හිමි වන්නේ නැත.
  5. අත්හැර දමා ගිය අනිවාර්‍ය කොටස් බෙදා වෙන් කළ පසුව එනම් කිසිවක් ඉතිරි නොවූයේ නම් සමීප ඥාතියාට කිසිවක් හිමි වන්නේ නැත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු අල්බානියානු الهولندية الغوجاراتية النيبالية Yoruba الدرية الصربية الطاجيكية الرومانية المجرية التشيكية Malagasy Kannada الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය