«الْبَخِيلُ مَنْ ذُكِرْتُ عِنْدَهُ فَلَمْ يُصَلِّ عَلَيَّ».
[صحيح] - [رواه الترمذي وأحمد والنسائي في الكبرى]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලබන්නේ ද එවිට මා කෙරෙහි සලවාත් නොපවසන්නා මසුරා වෙයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
‘මසුරා’ යනු පූර්ණ ලෝභයෙකි. ‘කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලබන්නේ ද ඔහු’ යනු මාගේ නම සඳහන් කරනු ලැබ එයට සවන් දුන් තැනැත්තාය. එවිට මා කෙරෙහි ඔහු සලවාත් නොපැවසීය. ඔහු මා වෙත සලවාත් පැවසීමෙන් වැළකී සිටි බැවින් ඔහුට ඉටු කිරීමට නියම වූ වගකීමෙන් ඔහු වැළකී ඒවායෙහි අඩුපාඩු සිදු කර ඇත්තේය. එබැවින් වරක් සලවාත් පැවසූ විට ඔහු කෙරෙහි දසවාරයක් ආශිර්වාද ලැබීම තහනම් කරගනිමින් ඔහු මසුරෙකු විය. තමන්ට යහපතක් සිදු වීම ප්රිය නොකරන තරමට ඔහු යහපත කෙරෙහි වඩාත් උරණ වූවෙකු මෙන් වන්නේය. එතුමා කෙරෙහි සලවාත් නොකීම යහපත් කටයුතු වලදී ධනය වියදම් කිරීමෙන් වැළකී සිටින මසුරෙකුට උපමා කරනු ලැබ ඇත.