«مَا شَيْءٌ أَثْقَلُ فِي مِيزَانِ الْمُؤْمِنِ يَوْمَ القِيَامَةِ مِنْ خُلُقٍ حَسَنٍ، وَإِنَّ اللَّهَ لَيُبْغِضُ الفَاحِشَ البَذِيءَ».
[صحيح] - [رواه أبو داود والترمذي]
المزيــد ...
පළමු හදීසය: ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන නපුරා කෙරෙහි කෝප වන්නේය.”
දෙවන හදීසය: අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“මහත් සේ දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්‍ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත.”
එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
පළමු හදීසය: ගුණදම්වල මහිමය මෙහි සඳහන් වී ඇත. එනම්, හානිය වැළැක්වීම, යහපත කතා කිරීම, මුහුණේ සතුට යනාදිය වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තාගේ තුළාවෙහි මීටත් වඩා බරැති ක්‍රියාවන් නොවනු ඇත. එමෙන්ම මෙම නපුරු ගුණාංග ඇත්තවුන් කෙරෙහි අල්ලාහ් උරණ වන්නේය. එමෙන්ම එවැන්නන් අසභ්‍ය වචන භාවිත කරන නොමනා කතා කියන දුෂ්ඨයකු වන්නේය. දෙවන හදීසය. අධික ලෙස ඇනුම් පද කියමින් දොස් නගමින් මිනිසුන්ගේ මාන්‍යය කෙළසීම දේවත්වය පූර්ණ ලෙස විශ්වාස කරන්නාගේ ගුණාංග අතරින් නොවන්නේය. එමෙන්ම අධික ලෙස බැණ වදිමින් ශාප කිරීමද ඔහුගේ ගුණාංග අතරින් නොවන්නේය. එබැවින් ඔහු මිනිසුන්ගේ පරම්පරාව, ඔවුන්ගේ මාන්‍යය, ඔවුන්ගේ හැඩරුව, ඔවුන්ගේ ස්වරූපය හා ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳ දොස් නොනගනු ඇත. සැබැවින්ම ඔහුගේ විශ්වාසයේ බලවත්කම රඳා පවතිනුයේ ගුණදම් මත වෙළී සිටීමෙන් හා නපුරුකම්වලින් දුරස් වීමෙනි.