«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُصِبْ مِنْهُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 5645]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 5645]
අල්ලාහ් තමා ව විශ්වාස කළ තම ගැත්තන් අතරින් කවරෙකුට යහපත පැතුවේ ද ඔහු ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ පවුල්වල පරීක්ෂණ ඇති කරනු ඇත. එවායිින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ප්‍රාර්ථනා කරමින් උත්තරීතර අල්ලාහ් වෙත යොමුවීම, පාපකම්වලට සමාව ලැබීම හා නිලයන් උසස් වීම යනාදිය එමගින් ඔහු ලබනු ඇත.