انْطَلَقْتُ في وَفدِ بَنِي عَامِرٍ إِلى رَسُولِ الله صلى الله عليه وسلم، فَقُلنا: أَنتَ سيّدُنَا، فقال: «السَّيدُ اللهُ»، قُلنا: وَأَفْضَلُنا فَضْلاً، وأعظَمُنا طَوْلاً، فقال: «قُولُوا بِقَولِكُم، أَو بَعضِ قولِكُم، وَلَا يَسْتَجْرِيَنَّكُم الشَّيطَانُ».
[صحيح] - [رواه أبو داود وأحمد]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අෂ්-ෂකීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“බනූ ආමිර් ගෝත්‍රයේ පිරිසක් සමග මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගමන් ගත්තෙමි. එවිට අපි: ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘ශ්‍රේෂ්ඨත්වයෙන් අපට වඩා උතුම්ය. උදාරත්වයෙන් අපට වඩා ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: "c2">“නුඹලාගේ වදනින් හෝ නුඹලාගේ වදනින් කොටසක් හෝ නුඹලා පවසනු. නමුත් ෂෙයිතාන් නුඹලාව වරදට නොපොළොඹවිය යුතුයි.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙම කණ්ඩායම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව මෙනෙහි කිරීමේදී ඉහවහා ගිය කල්හි එතුමා ඔවුන්ව ඉන් වැළැක්වූහ. එය අල්ලාහ් සමග වන විනය රැකීමක් හා ඔහුගේ ඒකීයත්වය ආරක්ෂා කිරීමක් වශයෙනි. අතිශයොක්තියෙන් තොර, තහනම් නොකරන ලද පද මත සීමා කර ගන්නා මෙන් එතුමා ඔවුනට නියෝග කළේය. උදාහරණ ලෙස අල්ලාහ් එතුමාණන්ට නම් කළාක් මෙන් මුහම්මද් රසූලුල්ලාහ් යනුවෙන් හෝ නබිය්යුල්ලාහ් හෝ අබුල් කාසිම් යනාදි නම්වලින් එතුමාණන්ව කැඳවීම සීමා කරන මෙන්ය. නමුත් ඔවුන් කුතුහලයට ඇද දමන ක්‍රියාවන්හි ෂෙයිතාන්ව භාරකරුවකු ලෙස ඔවුන් පත් කර ගැනීමෙන් එතුමා ඔවුනට අවවාද කළහ.