عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට ප්රතික්ෂේපය ඇති කරන්නක් වේ. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොරදී හැඬීමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ජනයා අතර දේව ප්රතික්ෂේපයේ කරුණු අතරින් කරුණු දෙකක් දිගින් දිගටම පවතී යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ. උත්තරීතර අල්ලාහ් එය සමනය කළ අයකු හැර වෙනත් කිසිවකු ඉන් ආරෝග්යමත් වන්නේ නැත. පළමුවැන්න: පෙළපතට දොස් නැගීම හා එ ගැන අඩුපාඩු කීම. දෙවැන්න: ඉරණම මත කෝප වී අත් වූ අවසානවන්ත සිද්ධියක් හමුවේ මොරදී හැඬීමය. මෙය සුළු පරිමාණයේ ප්රතික්ෂේපකත්වය ඇති කරන්නකි. මෙම කටයුත්ත සිදු කිරීම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයකු බවට පත් කරන දේව ප්රතික්ෂේපයේ ශාඛා අතරින් එක් ශාඛාවක් බවට එය පත් කරන්නේ නැත. සැබෑ දේව ප්රතික්ෂේපයක් බවට පත් කරන තරමට දහමින් බැහැර කරවන දේව ප්රතික්ෂේපය වනුයේ මහත් දේව ප්රතික්ෂේපකත්වයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර