+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 67]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 67]

විවරණය

ජනයා අතර පවතින දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් හා අඥාන යුගයේ සිරිත්විරිත් අතරින් කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ දෙක නම්:
පළමුවැන්න: මිනිස් පරම්පරාවන් පිළිබඳ අපහාස කිරීම, ඔවුන් පිළිබඳ අඩුපාඩු පැවසීම හා ඔවුනට එරෙහිව අහංකාරකම් පෑමය.
දෙවැන්න: අනතුරක් සිදු වූ අවස්ථාවක පෙර නියමය මත ඇති කෝපයෙන් කෑ ගැසීම හෝ දැඩි පීඩනය හේතුවෙන් ඇඳුම් ඉරා ගැනීමය.

හදීසයේ හරය

  1. මිනිසුන් අතර අහංකාර නොවී, සරලකම පිළිපැදීමට දිරිගැන්වීම.
  2. දුෂ්කරතා මත කෝප නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
  3. මෙම ක්‍රියාවන් අල්-කුෆ්ර් අල් අස්ගර් හෙවත් සුළු දේව ප්‍රතික්ෂේපයේ ගණයට අයත් වේ. මෙය තම පිළිවෙතින් බැහැර කරන, දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත් කරවන අයුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ කටයුත්තක් නොවේ.
  4. මුස්ලිම්වරුන් අතර සිටින පාර්ශවයක් වෙත, ඔවුන්ගේ පරම්පරාව ගැන හෝ ඔවුන්ගේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ දොස් නැගීම හරහා ‍වෙන්වීම් ඇති කරන සෑම කටයුත්තක්ම ඉස්ලාමය වළක්වා ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية النيبالية الرومانية المجرية الموري Oromo الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර