ප්‍රවර්ගය:
عن ابنِ عُمَرَ رضي الله عنهما قال: قال رسولُ الله صلَّى الله عليه وسلم:

«مَن تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ».
[حسن] - [رواه أبو داود وأحمد] - [سنن أبي داود: 4031]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود وأحمد] - [سنن أبي داود - 4031]

විවරණය

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්, දුෂ්ඨයින් හා දැහැමියන් අතරින් යම් පිරිසක්, කවරෙකු අනුකරණය කළේ ද, -එනම් ඔවුන්ට ආවේනික විශ්වාසයන්, නැමදුම් හා සිරිත් විරිත් අතරින් කිසිවක් පිළිපින්නේ ද - ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. මක්නිසාදයත් මතුපිටින් ඔවුන් අනුකරණය කිරීම අභ්‍යන්තරයේ ද ඔවුන් අනුකරණය කරන තරමට යොමු කරනු ඇත. සැබැවින්ම පිරිසක් අනුකරණය කිරීම පැහැදීමේ ප්‍රථිඵලයක් බවට සැකයක් නැත. ඔවුන්ට ආදරය කිරීම ඔවුනට ගරුබුහුමන් කිරීම ඔවුනට යටත් වීම වෙත යොමු කරයි. මෙය යම් සමාජයක් අනුකරණය කිරීමට පුද්ගලයා යොමු කරන අතර අවසානයේ අභ්‍යන්තරයේ මෙන්ම නැමදුම්වල ද ඔවුන් අනුකරණය කිරීමට යොමු වේ. -අල්ලා අප ආරක්ෂා කරත්වා-

හදීසයේ හරය

  1. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා දුරාචාරයින් අනුකරණය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම.
  2. ධර්මිෂ්ටයින් අනුකරණය කිරීමටත් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමටත් දිරි ගැන්වීම.
  3. මතු පිටින් කරන අනුකරණය, අභ්‍යන්තරයේ ද එහි ආදරය උරුම කරනු ඇත.
  4. පුද්ගලයෙකු ඔහුගේ වර්ගීකරණය හා අනුකරණය කිරීම අනුව පාපය හා අවවාදය ලබනු ඇත.
  5. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දහම, ඔවුන්ගේ විශේෂිත සිරිත් විරිත් යනාදියෙහි ඔවුන් අනුකරණය කිරීමෙන් වැළකී සිටීම: එය හැර කර් මාන්තයක් හා එවැනි වෙනත් දෙයක් අධ්‍යනය කිරීම මෙන් කටයුත්තක දී, එය තහනම ඇතුළත් වන්නේ නැත.
الملاحظة
التشبه في الظاهر يورث المحبة في الباطن.
التشبه فى الظاهر مش مستلزم المحبة للباطن, المسلمين سنوات يركبون سيارات, يلبسون البنطلون, هل أصبح المسلمين مثل غير المسلمين فى الاعتقاد ؟ هل أصبح المسلمين مسيحيين
النص المقترح لا يوجد...
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
ප්‍රවර්ග
අමතර