ප්‍රවර්ගය:
عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:

«إِنَّ اللهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَأَمْوَالِكُمْ، وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِكُمْ وَأَعْمَالِكُمْ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2564]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”

الملاحظة
أحتاج ترجمة باللغة التاميلية
النص المقترح عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:«إِنَّ اللهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَأَمْوَالِكُمْ، وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِكُمْ وَأَعْمَالِكُمْ».
الملاحظة
good
النص المقترح لا يوجد...
الملاحظة
Maane
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2564]

විවරණය

සැබැවින්ම උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්ගේ ශරීර දෙස හෝ ඔවුන්ගේ හැඩරූ දෙස හෝ ඒවා ලස්සන ද අවලස්සන ද ඒවා විශාල ද කුඩා ද අරෝග්‍යමත් ද රෝගී ද යන්න ගැන බලන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ ධන සම්පත් දෙස ඒවා වැඩියෙන් තිබේ ද අඩුවෙන් තිබේ ද යන්න ගැන අල්ලාහ් බලන්නේ නැත. මෙම සම්පත් තිබීම හෝ නොතිබීම මත අල්ලාහ් තම ගැත්තන් වරදට හසු කරන්නේ හෝ විනිශ්ච කරන්නේ හෝ නැත. නමුත් ඔහු ඔවුන්ගේ සිත් හා එහි ඇති ශ්‍රද්ධාව, විශ්වාසය, සත්‍යය, අවංකභාවය එසේ නැතිනම් එතුළින් ප්‍රදර්ශණය කිරීම හෝ මුහුණිච්චාව අපේක්ෂා කරන්නේ ද යන්න ගැන අධීක්ෂණය කරයි. ඔවුන්ගේ ක්‍රියාවන් විධිමත් වන අයුරු හා ඒවා දූෂිත වන අයුරු ද අධීක්ෂණය කර ඒ සඳහා කුසල් හා ප්‍රතිඵල පිරිනමයි.

හදීසයේ හරය

  1. හදවත නිසි ලෙස විධිමත් කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම සහ සියලුම අවමන් සහගත ගුණාංගවලින් එය පිරිසිදු කිරීම.
  2. අවංකත්වය, චිත්ත පාරිශුද්ධත්වය තුළින් සිත විධිමත් කර ගැනීම; ක්‍රියාවන් විධිමත් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කිරීමෙනි. මේ දෙකම අවධානය යොමු කළ යුතු මෙන්ම උත්තරීතර අල්ලාහ් අබියස අධීක්ෂණයට ලක්වන ස්ථාන වේ.
  3. තම ධනය, තම හැඩ අලංකාරය, තම ශරීරය නිසාවෙන් හෝ මෙලොවෙහි මතු පිටින් පෙනෙන කිසියම් හෝ වස්තුවක් නිසාවෙන් හෝ මිනිසා රැවටී මුළා නොවිය යුතුය.
  4. අභ්‍යන්තරය විධිමත් කිරීමෙන් තොරව, මතුපිට පවතින දෑ මත යැපීමෙන් ප්‍රවේසම් විය යුතුය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
ප්‍රවර්ග
අමතර