«إِذَا لَقِيَ أَحَدُكُمْ أَخَاهُ فَلْيُسَلِّمْ عَلَيْهِ، فَإِنْ حَالَتْ بَيْنَهُمَا شَجَرَةٌ أَوْ جِدَارٌ أَوْ حَجَرٌ ثُمَّ لَقِيَهُ فَلْيُسَلِّمْ عَلَيْهِ أَيْضًا».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ ආවරණය වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මුස්ලිම්වරයෙක් තම සහෝදර තවත් මුස්ලිම්වරයකු හමුවන සෑම අවස්ථාවකම සතුටුදායක මාර්ගයෙන් ඔහුට සලාමය ඉදිරිපත් කිරීමට නියෝග කරනු ලැබ ඇත. එය කෙතරම්ද යත් ඔවුන් එකට සිට; පසුව යම් හේතුවක් මත වෙන්ව ගොස් පසුව ඉතා සමීප කාලයක් තුළ නැවත එකිනෙකා මුණ ගැසුනු විට ද නබි තුමාගේ පිළිවෙත වන්නේ ඔහුට සලාම් පැවසීමය. ‘මා ඔහු සමග සමීපව බැඳී සිටියෙමි’ යැයි නොපවසා ඔහුට සලාම් පැවසිය යුතුයි. ඔවුන් දෙදෙනා අතරට කෙනෙකු අනෙකා නොපෙනෙන පරිදි ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ තිරයක් ලෙස වී නම් වුවද දෙවන වතාවට ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පැවසීම නබිතුමාගේ පිළිවෙත වන්නේය.